කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ජනාධිපතිවරයා විසින් පත්කළ උපදේශක කමිටුව විසින් ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ඒ අනුව,
1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහ බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහා පත්කිරීම
2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම
3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය
4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායමක් හඳුනාගැනීම
5. සැපයුම් අවහිරතා මඟහරවාගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම
යන යෝජනා එලෙස ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමුවී තිබෙනවා.
ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝ කාලීන පියවර ගතයුතු බව උපදේශක කමිටුව එහිදී වැඩිදුරටත් යෝජනා කර ඇති බව සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්