වැවිලි සමාගම් සතු සියලු ඌන උපයෝජනය අවම ඉඩම්වල ආහාර භෝග වගා ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීයී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
වැවිලි සමාගම් සතුව වගා නොකරන ලද ඉඩම් හෙක්ටයාර 9,000 කට අධික ප්‍රමාණයක් පවතින අතර සමාගම් 23 ක් සතු එම වතුවල වගාවට සුදුසු භෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
වැවිලි ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදීමටත් සියලු වැවිලි භෝග සඳහා පොහොර සැපයීමේ සැලසුමක් සකස් කිරීම සඳහාත් එම හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ බව සඳහන්.
ඒ අනුව අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ දී ප්‍රමුඛත්වය ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
තේ අපනයනයේ දී විනිවිදභාවයකින් යුතුව විදේශ විනිමය උපයා ගැනීම සඳහා තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බලන ලෙස ද එහිදී ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්