උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කළේ.
මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බවද රෙජිස්ටාර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.
නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා ප්‍රකාශ කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට