මහ මැතිවරණය නිසා නතර කෙරුණු එක්ලක්ෂ පනස්දහසක රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
මේ අනුව රැකියා 5000 ක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනේනේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් වීම විශේෂත්වයක්.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ නොවැම්බර් මස ධුරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000 ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කර තිබුණා.
උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබූ අතර අඩු ආදායම්ලාභී ලක්ෂයක පිරිසක් සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරනු ලැබුවා.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ.
2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කරනු ලැබුවා.
කෙසේ වෙතත් අගෝස්තු 5 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගන්නා ලදී.
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලබන තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම 17 වන සඳුදා ඇරඹීමට නියමිතයි.
පත්වීම්ලාභීන් සැප්තැම්බර් 1 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු අතර සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට පියවර ගන්නා ලෙසයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ.
මේ අනුව තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්