රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩසටහන යටතේ රැකියා අයදුම් කර රැකියා නොලැබුණු පුද්ගලයන්ට සැප්තැම්බර් 15 වැනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
මේ වනවිටත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබාගෙන තිබීම හා දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටීම යන හේතු මත අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට මෙසේ අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසන්නේ.
ඒ අනුව www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර ලබන මස 15 වන දිනට පෙර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දෙයි.
එලෙස ඉදිරිපත් වන අභියාචනා සැළකිල්ලට ගනිමින් සුදුසුකම් ලබන උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීමට අපේක්ෂා කරන බවයි ජේ.ජේ. රත්නසිරි වැඩිදුරටත් පැවසුවේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්