බුස්ස නිපුන කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටි පොලිස් පරික්ෂකවරයකු මියයාමෙන් පසුව සිදුකල මරණ පරික්ෂණයේදි කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් ඇතිවු සංකුලතාවය මත සිදුවු මරණයක් බවට අනාවරණය විය.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදිවියේ පසුවන උප පොලිස් පරික්ෂකවරයෙකි. මොහු මිරිහාන පොලිස්ථානයට අනුයුත්තව රාජකාරි කරන නිලධාරියෙකි.
දැස්වල ශල්‍යකර්මයකට ලක්ව වෛද්‍ය නිවාඩු ලබා නිවසේ සිට ඇති අතර.කොළඹ නගරයේ සිට මිතුරන් පිරිසක් මොහුගේ සුවදුක් බැලිම සදහා නිවසට පැමිණ ඇති බව හදිසි මරණ පරික්ෂණයේ සාක්ෂි විභාගයේ දි අනාවරණය වි ඇත.
කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම උප පොලිස් පරික්ෂකවරයා බලපිටිය රෝහලට ගොස් පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එහිදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී ඇත.
පසුව මොහු බුස්ස නාවික හමුදාකදවුරේ ඇති කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයට යොමුකොට ඇත. එකි ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මොහු පෙරේදා මියගොස් ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ