රාජගිරිය ගුවන් පාලම අසලදී සුඛෝපභෝගී ජීප් රථයක් නොසැලකිලිමත් ලෙස ධාවනය කරමින් අනතුරක් කර පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කරන ලදැයි අත්අඩංගුවට ගත් ජනප්රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හරින ලෙස නියෝග කළ අධිකරණය, සැකකාරියගේ රියැදුරු බලපත්රය තාවකාලිකව අත්හිටුවීමට ද ඊයේ (01 වැනිදා) නියෝග කළේය.
වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකාරිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියම කළ කොළඹ කොටුව මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ, සැකකාරියගේ රියැදුරු බලපත්රය අධිකරණය භාරයට ගන්නා ලෙසද නියම කළේය.
රාජගිරිය ගුවන් පාලම අසල වැලිකඩ මංසන්දියේදී සැකකාරිය පැදවූ සුඛෝපභෝගී ජීප් රථය තවත් ත්රිරෝද රථයක පෙරේදා (31 වැනිදා) පස්වරු 5.30ට පමණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි දන්වා සිටි පොලිසිය එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 38 හැවිරිදි ත්රිරෝද රථයේ රියැදුරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් දන්වා සිටියේය.
අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදු කර පුද්ගලයකුට තුවාල කිරීම ආදී චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන ත්රිරෝද රථ රියැදුරුට රුපියල් අසූ දහසක සානුකම්පිත දීමනාවක් ගෙවීමට විත්තිකාර පාර්ශ්වය අධිකරණයේදී එකඟත්වය පළ කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්