ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (31) පස්වරුවේ රාජගිරිය ගුවන් පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවය.
උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ බව සඳහන්.
ඒ අනුව උමාරියා සිංහවංශ මහත්මිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට