පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස පත්වීමට කැමැත්තක් දක්වන නිලධාරීන් සඳහා අයැදුම්පත් කැඳවීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත. මේ බව දිවයිනේ සියලු ම පොලිස් ස්ථාන වෙත මේ වන විට යොමුකර ඇත.
ඒ අනුව මෙම තනතුර සඳහා අයැදුම් කිරීමට කැමැත්තක් දක්වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට ඒ සඳහා අයැදුම්පත් එවිය හැක.
මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ පොලිස් ස්ථානාධිපති තනතුරක් ලබා ගැනීමට මීට පෙර සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට මෙතෙක් මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) හෝ පොලිස් ස්ථානාධිපති (O.I.C.) තනතුරක් නොලද නිලධාරීන්ට ද මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි ය.
එසේ ම සම්මුඛ පරීක්ෂණයකට පෙනී නොසිට මේ වන විට මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ පොලිස් ස්ථානාධිපති තනතුරක් හොබවන නිලධාරීන් ද මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් ඉදිරිපත් කළ යතුය.
දැනට විදේශ නිවාඩු හෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල යෙදී සිටින නිලධාරීන් ඇතුළු වෙනත් රාජකාරි සඳහා කොට්ඨාසවලින් බැහැරව සිටින නිලධාරීන්ට ද මේ බව නොපමාව දැනුම් දෙන ලෙස ද පොලිස්පතිවරයා අදාළ කොට්ඨාස භාර ඉහළ නිලධාරීන්ට නියෝග කර ඇති බව වර්තා වේ.
නව පොලිස් ස්ථානාධිපති තනතුර සඳහා අවශ්‍ය කරන අයැදුම්පත්‍රය පොලිස් විද්‍යුත් තැපෑල (VPN) මගින් දිවයින පුරා පිහිටි සියලු ම පොලිස් ස්ථාන වෙත මේ වන විටත් යොමුකර තිබේ.
පුරප්පාඩු වන මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ පොලිස් ස්ථානාධිපති තනතුරුවලට පත්කිරීම සඳහා නිලධාරීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබා දී ඇතැයි ද පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්