උසස් පෙළ ලියන සිසුවෙකුටත් කොරෝනා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  විභාගයට පෙනී සිටින දිවුලපිටිය ප්‍රදේශයේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාග ගත් අතර අදාළ සිසුවා පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව ඔහු ආසාදීතයෙක් බවට තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ එම සිසුවා මේ වන විට ඉරණවිල රෝහලට යොමු කර ඇති අතර එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී ඔහුට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව සලසා දී ඇති බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com