උසස් පෙළ විභාගය අසීරු තත්ත්වයක් යටතේ පසුගිය කාලයෙහි සිසුන් 362000කගේ සහභාගීත්වයෙන් පැවැත්වූවා. මාස 03ක් ඇතුලත ඒනම් මාර්තු මාසයේදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීරිස් මහතා පැවසුවේය.ඒ් අනූව සාමාන්‍යපෙළ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කිරීම සදහා ඒක් ඒක් විභාග මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් රුපියල් දස දහසක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර උත්තර පත්‍ර බැලීමේ ගාස්තුද ඉහල දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.පරීක්ෂකවරුන් සදහා senitizer බෝතල් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන අනෙතුත් විභාග වන රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ රාජ්‍ය බැංකු සදහා වන බදවාගැනීමේ විභාග, උසස්වීම් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ආදී සමස්ථයක් ලෙස විභාග 35ක් පමණ නුදුරු අනාගතයේදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය පසුබිම සකසමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීර්සි මහතා අවධාරණය කළේය.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලත් මාර්තු මාසයේ

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග