අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින වකවානු මේ දිනවල ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳ තීරණයකට එළඹි බවයි එහි ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ.
අදාළ විභාග පැවැත්වෙන දින ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, කොරෝනා අවදානම ඉහළ යාමත් සමග එය ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
මේ අතර එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙනතුරු අද සිට වසා තැඛෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නමුත්, සහතික පත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයදුම්කරුවන්ට විද්‍යුත් තැපෑල හරහා අයදුම් කර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැය 48 ක් ඇතුළත සහතික පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු WWW.DOENETS.LK වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
ඊට අමතරව 0112 78 43 23 සහ 1911 දුරකතන අංක ඇමතීමෙන් ද ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්