කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.
ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.
මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා https://info.moe.gov.lk ඔස්සේ පිවිසිය හැකිය.
අදාළ විභාග සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය (සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි) භාෂාත්‍රයෙන් විභාග දෙපාර්මේන්තුව විසින් විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබා දීම සඳහා කලාප/ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.


More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි