උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක් පනවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළා.
ඒ අනුව විභාගය පවත්වන අවස්ථාවේදී පන්ති කාමරය භාරව සිටින ගුරුවරුන් හරහා නියමිත වේලාව දැනගැනීමෙන් පසු ඊට අනුව විභාග අපේක්ෂකයින්ගේ ඔරලෝසුවල වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.
මේ අතර උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙසද එල්.එම්.ඩී. ධර්මසේන මහතා මෙහිදී ඉල්ලා සිටියා.
මීට අමරතව 011 2 784208 / 0112784 537 යන දුරකථනය අංකය හරහාද විභාග ගැටලු සම්බන්ධයෙන් විමසීමට හැකියාව පවතිනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්