2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 3 වන දා පැවැත්වීමටත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 4 සිට 31 වන දා දක්වා පැවැත්වීමටත් නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කර තිබෙනවා.
කෙසේ නමුත් එසැණ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ, එම දින සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්