කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ අධිකරණවල කටයුතු අවහිර වී උසාවි වසා දමා ඇති තත්වයක් තුළ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ, වීඅයිපීලාගේ නඩු පමණක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එපමණක් නොව වීඅයිපීලාගේ නඩු විසිවන බවත් ඇතැම් වීඅයිපීලාට නිදහස හිමිවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
රටේ මහජනතාවට සම්බන්ධ නඩු දිගින් දිගටම කල් දමද්දී වීඅයිපීලාගේ නඩු පමණක් විභාගයට ගැනීම, ඔවුන්ගේ නඩු ඉවත දැමීම, ඔවුන්ට ඇප ලැබීම පමණක් සිදුවන්නේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවයි නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.
20 වැනි සංශෝධනය සම්මත වීමත් සමග එක්තරා වගකිවය යුතු තැනකට අවශ්‍ය පරිදි අධිකරණය ක්‍රියාත්මක බව පෙනී යන බවත්, ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය පරිදි අද මේ රටේ කැලෑ උසාවි ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
ඔහු මේ කරුණු සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්