මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තගෙන් ඊයේ (11) ලිඛිත ඉල්ලීමක් කර ඇත.
කොරෝනා වසංගතය හමුවේ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම, දින සියයක පමණ ගුරු වර්ජනය, ඉන්ධන අර්බුදය වැනි කාරණා හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා එල්ල වූ බාධාවන් සුළුපටු නොවන බව එම ලිපියේ දැක්වේ.
එසේම, සාමන්‍ය පරිදි යම් වසරක අගෝස්තුවේදී උසස් පෙළ විභාගය පැවැත්වූවා නම් ප්‍රතිඵල දෙසැම්බරයේදී නිකුත්ව ඊළඟ වර විභාගය, ලබන වසරේ අගෝස්තු මුල පවත්වා ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දෙවන වරට හා තෙවන වරට පෙනී සිටින සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ලැබී ඇති අවම කාලය මාස 07 කි.
මේ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ විට පෙනී යන්නේ 2022 අපොස උසස් පෙළ විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවද උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කළ ලිපියේ දැක්වේ.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් සිය සභාගය වෙත යොමු කර ඇති, විශාල නියැදියක් උපයෝගී කරගනිමින් ඔවුන් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල මගින්ද පෙන්වා දී ඇත්තේ සියයට 78ක පමණ සිසු පිරිසක් මෙවර විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා සිටින බවය.
එම නිසා විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්