උසස් පෙළ පිළිතුරු පත් නැවත සමීක්ෂණයෙන් පසු අයැදුම්කරුවකුගේ ‘සී’ සාමාර්ථයක් ‘ඒ’ සාමර්ථයක් දක්වා වෙනස් වී තිබේ.
මෙම වෙනස සිදු වී ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහලේ රුචිර නිසඟ අබේවර්ධන සිසුවාගේ සංයුක්ත ගණිතය විෂයයට අදාළවය. ගණිත අංශයෙන් විභාගයට පෙනී සිට ඇති මෙම සිසුවාට එම විෂයය සඳහා ලැබී ඇත්තේ ‘සී‘ සාමාර්ථයකි. රසායන විද්‍යාවට සහ භෞතික විද්‍යාවට ‘ඒ’ සාමාර්ථ ලැබී ඇත. මෙම ප්‍රතිඵල අනුව සිසුවාගේ ඉසඩ් ලකුණ 2.0084 වී ඇති අතර, දිස්ත්‍රික් තරාව (Rank) 68 සහ දිවයින තරාව 966ක් බවට පත්ව ඇත.
‘සී‘ සාමාර්ථය‘ ඒ‘ සාමාර්ථයක් දක්වා වෙනස් වීම නිසා ඉසඩ් ලකුණ 2.5538 දක්වා ද දිස්ත්‍රික් සහ දිවයින තරා 12 සහ 124 දක්වාත් වෙනස් වී තිබේ.
නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද අයැදුම්පත් හතළිස් අට දහසකට අධික ප්‍රමාණයකින් තුන්සිය විසි නව දෙනකුගේ ප්‍රතිඵල වෙනස් වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවැසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්