මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
හෙට(08) දිනයේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර එම දිනය සලකා බලා විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
පාසල්වල උසස් පෙළ පන්ති මෙම මස අවසන් සතියේ ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.
පාසල්වලට අවශ්‍ය උෂ්ණත්වමාන දහසය දහසක් ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති අතර ටෙන්ඩරය බාරගෙන පළමු සතියේ දී උෂණ්තවමාන අටදහසක් ද දෙවැනි සතියේ දී ඉතිරි ප්‍රමාණය ද ලබා දිය යුතු යුතු බවට වන කොන්දේසිය මත මෙම ටෙන්ඩරය කැඳවූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් පවතින වසංගත තත්ත්වයේ අවදානම තවදුරටත් පහව නොයාම හේතුවෙන් පාසල් ආරම්භ කිරිමට හෝ විභාග පැවැත්වීම පිළිබද මෙතෙක් කිසිදු තිරණයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල් විවෘත කිරිමට හෝ විභාග කටයුතු පැවැත්වීමට සෞඛ්‍ය අංශ විසින් තවමත් උපදෙස් ලබා දී නොමැති අතර අනුගමනය කළ යුතු ක්‍රමවේ ද ඇතුළත් චක්‍රල්ඛයක් පමණක් නිකුත් කර ඇති බව සඳහන්.
එම චක්‍රලේඛය දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමු කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්