සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරඟය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 91ක් රැස්කළ අතර දසුන් ශානක ලකුණු 47ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 48කට කඩුලු 5ක් දවාගත් අතර ඩේවිඩ් විලී ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කළේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ඔයින් මෝර්ගන් නොදැවී ලකුණු 75ක් රැස්කළ අතර ජෝ රූට් නොදැවී ලකුණු 68ක් රැස්කළේය.
ජේසන් රෝයි පන්දු 52 මුහුණදෙමින් 60ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-0 ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්