එංගලන්තයට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ අද (23) පැවති දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට එංගලන්තය සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 14.3කදී ලකුණු 55කට දැවී ගියේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 ඉක්මවා රැස් කිරීමට සමත් වූයේ ක්‍රිස් ගේල් පමණි.

ඔහු ලකුණු 13යි.

පන්දු යැවීමේදී අඩෙල් රෂීඩ් ලකුණු 2කට කඩුලු 4ක් දවාගත්තේය.

ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු ගණන කඩුලු 4ක් පමණක් දැවී ලබා ගැනීමට එංගලන්තය සමත් විය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 24ක් ලබාගැනීමට සමත් විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com