මේ මාසයේ ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරය සඳහා නම් කරන ලද 28 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් අවසන් ක්‍රීඩකයින් 24 දෙනා තේරීමේදී සධීර සමරවික්‍රම, කමිල් මිෂාර, අශෙන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රමට සංචිතයේ අවස්ථාව අහිමි වී ඇති බවට වාර්තා වේ. අශෙන් බණ්ඩාර, ඉකුත් දා නිමාවට පත් වූ බංග්ලාදේශ සංචාරයට සහ ඉකුත් මාර්තු මාසයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහාද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වීම කැපී පෙනෙයි.
බංග්ලාදේශ තරග සංචාරය සඳහා ඇතුළත් නොවූ කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන් සහ ඉශාන් ජයරත්න අදාළ 24 දෙනාගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටී. බංග්ලාදේශ සංචාරයෙන් කපා දැමුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලැයිස්තුවට නුවන් ප්‍රදීප්ගේ නමද, ඇතුළත්ව තිබුණු අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීමෙන් අවිශ්ක ප්‍රනාන්දුට එම තරගාවලිය අහිමි වුයේය.
මෙවර සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් අතුරින් ඉශාන් ජයරත්න සහ ධනංජය ලක්ෂාන් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් වේ. ඒ අතරින් ධනංජය ලක්ෂාන් නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනා ගත්තේය. බංග්ලාදේශ තරග සංචාරය අතරතුර පැවැති කිලෝ මීටර් 2 ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා සහ එංගලන්ත සංචිතයට ඇතුළත් ඉශාන් ජයරත්න, ධනංජය ලක්ෂාන් මෙන්ම නුවන් ප්‍රදීප් ඉකුත් සිකුරාදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටි අතර ඔවුන් සියලුදෙනාම එය සමත්ව ඇති බව සඳහන් වේ.
කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (8 වැනිදා) එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. බංග්ලාදේශ සංචාරය නිමකොට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටී. දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට ප්‍රථම මේ මස 18 වැනිදා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම සමගිනුත්, මේ මස 20 වැනිදා සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමගිනුත් පුහුණු තරග පැවැත්වෙනු ඇත. 23 වැනිදා සහ 24 වැනිදා පැවැත්වෙන පළමු සහ දෙවැනි විස්සයි විස්ස තරග දෙකම කාඩිෆ්හිදී පැවැත් වේ. 26 වැනිදා පැවැත්වෙන තුන්වැනි තරගය සදම්ප්ටන්හිදී පැවැත්වෙනු ඇත.
ජුනි 29, ජුලි 01 සහ ජුලි 04 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිවෙලින් චෙස්ටර් ලී ස්ට්‍රේට්, ද ඕවල් සහ බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංඛ, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, ධනංජය ලක්ෂාන්, ඉශාන් ජයරත්න, නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ඕෂධ ප්‍රනාන්දු
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්