එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 යි 20 තරඟාවලිය අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඔක්තෝබර් මස ඔක්තෝබර් 13 සහ 14 දෙදින තුළ එම තරඟ පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
එම තරඟවලිය පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තා විය.
එමෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට පන්දුවාර 20 යි 20 තරඟ දෙකක් පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
එම 20 යි 20 තරඟ දෙකෙන් පසුව එංගලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය කාන්තා කණ්ඩායම තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබූණි.
එම සියලුම තරඟ අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි