එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද කසළ කන්ටේනර් 242 ක් නැවත එරටට යැවීමට අභියාචනාධිකරණය අද මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.
ඒ, එම කසළ කන්ටේනර් ගෙන ඒමට එරෙහිව පරිසර යුක්ති කෙන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමිනි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එච්.එම්.ඩි නවාස්, සහ සෝභිත රාජකරුණා යන විනිසුරුමඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම කසළ කන්ටේනර් ගෙන්වීමට දායක වූ සියලුම ආයතනවලට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසය.
හේලීස් ෆ්‍රීසෝන් පුද්ගලික සමාගම, ETL COLOMBO පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, හා නීතිපතිවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්