ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැදභාගය පමණ වනතෙක් කල්ගතවනු ඇතිබව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
අධික ශීත තත්ත්වයක් යටතේ ගබඩාකර විශාල පිරිසකට එන්නත් ලබාදීමේ දී මෙරටට ප්‍රායෝගික දුෂ්කරතා මතුවිය හැකි බවයි අද (07) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ.
මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගත යුතු වනවා.
ඒ සඳහා ලංකාවේ පහසුකම් නොමැති වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නෑ.
මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තාක්කල් ශ්‍රී ලංකාව එම එන්නත් මෙරටට ලබා ගැනීම සිදුනොකරන බවද ඔහු සඳහන් කළා.
මෙරටට එම එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන බවත් ලංකාව වැනි රටක දීර්ඝ කාලීනඑලෙස අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා මතුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්