‘අපේ දරුවා ඉපදුනේ අපේ ජීවිතේ උත්කර්ෂවත්ම දවසෙ’ මෙසේ පවසන්නේ එංගලන්තයේ ඊයේ උපත ලැබූ කුඩා බිළිඳුන්ගේ දෙමව්පියන්ය. බිළිඳෙකුට ජීවය ලබාදීම ඕනෑම මවකට පියෙකුට උත්කර්ෂවත්ම මොහොතක් වන අතර එම උත්කර්ෂවත් මොහොත සැමරීම සඳහා තවත් බෝනස් එකකුත් ලැබෙන්නේ නම් එය ඔවුන්ගේ ජීවිතයේ කිසිදා අමතක නොවන අවස්ථාවකි.
ඊයේ දිනයේදී නව ජීවියෙකුට උපත ලබාදුන් එංගලන්ත දෙමව්පියන්ගේ සතුට දෙගුණ තෙගුණ කළේ එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමයි. ඒ යූරෝ කප් තරගාවලි ඉතිහාසයේ පළමුවරට එංගලන්තය අවසාන මහා තරගය කරා රැගෙන යමිනි.
පාපන්දු ලෝක කුසලානයට පමණක් දෙවැනි වන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින පාපන්දු කණ්ඩායම් රැසක් සහභාගි වන මෙම තරගාවලිය 1960 වසරේදී ආරම්භ වූ අතර මෙවර පැවැත්වෙන්නේ 16 වැනි තරගාවලියයි. මෙතෙක් කිසිදු තරගාවලියක අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට එංගලන්තය අසමත් වූ අතර 1968 සහ 1996 තරගාවලිවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම මීට පෙර ඔවුන්ගේ ඉහළම දක්ෂතාවයයි.
එංගලන්ත පාපන්දු ලෝලීන් ඊයේ ඩෙන්මාර්කයට එරෙහිව සිය ක්‍රීඩකයන් තරගවදිනු දෑස් දල්වා බලා සිටි අතර තරගය කෙරෙහිව එංගලන්ත වැසියන්ගේ අවධානය කෙතරම්ද යත්, ඊයේ දිනය තුළ පමණක් එංගලන්තවාසීන් බියර් පමණක් පයින්ට් මිලියන 68.5 ක් පානය කර තිබෙනවා.
එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් එංගලන්ත පාපන්දු කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය. 11 වැනි ඉරිදා රාත්රියේදී ඔවුන් ඉතාලිය සමග අවසන් තරගයට ක්‍රීඩා කරයි.
අවසන් තරගයට සුදුසකම් ලැබූ පළමු මොහොතේදීම ජයපැන් බීමට හැකිවනු ඇත යන්න එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු වන නමුත්, ඉතාලි ක්‍රීඩකයන් එම බලාපොරොත්තුව සපුරා ගැනීම සඳහා එතරම් ලෙහෙසියෙන් එංගලන්තයට අවස්ථාව ලබා නොදෙනු ඇත. මන්ද, ඉතාලිය මේ වනවිට සිටින්නේ නොකඩවා ජාත්‍යන්තර පාපන්දු තරග 33 ක් දිනාගෙන ඉතා බලවත් මානසික තත්වයකයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි