එංගලන්තය සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ට්‍රෙන්ට් බ්‍රිජ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ එංගලන්ත කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.
නායක ජෝ රූට් ලකුණු 64 ක් ලබා ගත්තේය.
පන්දුයැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 46කට කඩුලු 04ක් සහ මොහොමඩ් ෂාමි ලකුණු 28කට කඩුලු 03ක් දවා ගැනීමට සමත්විය.
පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම දිනය නිමා වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබා සිටියේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි