ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා නම් කර තිබෙන පළමු සංචිතයට ඇතුළත් ප්‍රබල ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් පස්දෙනකු ලබන 4 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටීමට නියමිත යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
ධනුෂ්ක සහ ධනංජයල බංග්ලාදේශ සංචාරයේදී සහභාගි වූ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා නැවත පරීක්‍ෂණයකට සහභාගි වීමට සිදුව තිබේ.
වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ල තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඉෂාන් ජයරත්න සහ ධනංජය ලක්‍ෂාන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශාරීරික යෝග්‍යතාව යන නිර්ණායකයෙන් බැහැරව නොමැති බවත් සංචිතයට ඇතුළත්ව සිටින සෙසු සියලුම ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත් වූ අය බවත් ඈෂ්ලි ද සිල්වා මහතා කියයි.
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත්ව සිටින්නේ යැයි චෝදනාව සහ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය ඇතැම් ක්‍රීඩකයන් මඟ හැරියේ යැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කරයි
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි