ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකම චීනය ප්‍රතිපත්තිය සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත අවධාරණය කරයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (4) ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හමුවූ අවස්ථාවේදී ය.
ඇමරිකානු කොංග්රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර සංවිධාන සහ බොහෝ රටවල් එකම චීනය යන මූලධර්මය පිළිපැදීම නැවත තහවුරු කරන අතර, චීනයේ ස්ථාවරයට දැඩි ලෙස සහයෝගය දක්වා ඇත.
මීට අමතරව, බොහෝ රටවල දේශපාලන පක්ෂවල සහ සමාජ සංවිධානවල ප්‍රධානීහූ Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට පැහැදිලිවම විරෝධය පළ කරන අතර, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය දරන ප්රයත්නයන්ට දැඩි ලෙස සහාය දක්වති.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ