එකම චීනය මූලධර්මය අනුගමනය කරමින්, මධ්‍යම ඇමරිකානු කොංග්‍රසය සමඟ පවතින මිත්‍ර සහයෝගී සබඳතාව වර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (22)පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය. ඊයේ (21) මධ්‍යම ඇමරිකානු කොංග්‍රස සැසිවාරයේ දී චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා “ව්‍යවස්ථාදායකය” “ස්ථාවර නිරීක්ෂකයා” ලෙස සැලකීම අහෝසි කිරීම අනුමත කර තිබේ. එමෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසය, ස්ථාවර නිරීක්ෂකයා ලෙසට පිළිගන්නා බවට ද එහිදී තීරණය කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන්, වං වෙන්බින් මහතා පැවසුවේ මධ්‍යම ඇමරිකානු කොංග්‍රසයේ අදාළ තීරණ චීනය ඉහළින් අගය කරන බවයි. එකම චීනය පිළිබඳ මූලධර්මය, කිසිසේත් බාධා කළ නොහැකි යුගයේ ප්රවණතාවකි. එය, ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවයි. එකම චීනය මූලධර්මය මත හිඳිමින් මධ්‍යම ඇමරිකානු කොංග්‍රසය සමඟ මිත්‍ර සහයෝගී සබඳතාව වර්ධනය කිරීමට චීනය සූදානම් බව ද වං වෙන්බින් මහතා කියාසිටියේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි