ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා.
පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඞ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවාදායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම කොමිසම සඳහන් කළේ.
ඊට අදාළ මුලික ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ