කොවිඩ් 19 වසංගතයට ඇති එකම විසඳුම එන්නත්කරණය බවත්, ජනතාවට එන්නත් ලබාදීම සඳහා රජයට විධිමත් වැඩපිළිවෙලක් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එන්නත්කරණය අවසන් වනතුරු, සෞඛ්‍ය බළධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් හා නීති-රීති අනුගමනය කරමින් ආරක්ෂාකාරීව කටයුතු කිරීම ජනතාව සතු වගකීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට නියමිත අතර රුසියාාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ඉදිරියේදී ලැබීමට නියමිත වේ. මීට අමතරව ෆයිසර් එන්නත ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සිදු කරමින් තිබේ. දැනට ගෙන්වා ඇති චීන සයිනොෆාම් එන්නත මෙරට ජනතාව ලබාදීම, එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ වහාම ආරම්භ කිරීමට නියමිත වේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ සමස්ත රටම වසා දැමීම සඳහා බොහෝ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබී ඇති බවයි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ පළමු අවස්ථාවේදී රටම වසා දමා ඊට මුහුණ දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත් නමුත් නැවතත් රට වසා දැමීමෙන් ආර්ථිකයට හා ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුකරන අහිතකර බලපෑම සළකා බලා එවැනි පියවරකට නොයෑමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.
- Lanka news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්