ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට එරෙහි සීමිත ඕවර තරගාවලියට අමතරව ලබන ගිම්හානයේදී එංගලන්ත ක්‍රීඩකයින් ටෙස්ට් තරග 5 ක් සඳහා ඉන්දියාවට සත්කාරකත්වය ලබා දෙන බව තහවුරු කර තිබේ.
එංගලන්ත කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට එරෙහිව එක්දින හා විස්සයි 20 තරගාවලි සඳහා සත්කාරකත්වය දරයි.
එංගලන්ත පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරග 3 ක්,පාකිස්තානයට එරෙහිව එක්දින තරග 3 ක් විස්සයි 20 තරග 3 ක් මෙන්ම ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග 5 ක් ද ඇතුළත්ය.
ජුනි මස මුලදී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මහා තරගය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තීරණයට අනුව ටෙස්ට් ක්‍රිකට් ඇතුළු තවත් තරග සංවිධානය කළ හැකි බවද තහවුරු කර තිබේ.
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග පහ ට්‍රෙන්ට්බ්‍රිජ්, ලෝඩ්ස්, හෙඩින්ග්ලි, ඕවල් සහ ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හිදී පැවැත්වීමට නියමිත අතර ඩර්හැම්, බ්‍රිස්ටල්, එඩ්ග්බැස්ටන් සහ කාඩිෆ් හිදී සීමිත ඕවර තරග පවත්වනු ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි