පක්ෂයේ සහ පාක්ෂිකයන් තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිරිනැමීමට අද තීරණය වූ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව නායකත්වය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙමින් පාක්ෂිකයන්ගේ අදහස්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් ජාතික අපේක්ෂාවන් හඳුනාගත් නායකත්වයක් තෝරා ගැනීමට පියවර ගැනීමට එහිදී එකඟ වී ඇතැයි සඳහන් වේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුන මෙම තීරණයට එළැඹ තිබේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට