සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (27) යෝජනාවක් සම්මත කර ගැටුමට සම්බන්ධ ඊශ්‍රායල සහ පලස්තීන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
එම සටන් විරාමය පිළිබඳ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය එදිනම ප්‍රකාශ කළේය. ගාසා තීරයේ සටන් විරාමයක් වෙනුවෙන් වන එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඊශ්‍රායලය හමාස් සංවිධානය මුළුමනින්ම තුරන් කිරීමට අදහස් කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Eli Cohen ඊයේ (27) සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය. ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර වැඩි කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ද එදින ප්‍රකාශ කර ඇත.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ