එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (03) අනුමැතිය ලබාදී තිබේ.
අද පාර්ලිමේතුවේදී උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විට එය හමුවට ද හිටපු අගවිනිසුරුවරයාව කැඳවා තිබුණි.
එම අවස්ථාව සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රිෂාඩ් බදියුදීන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගී වී සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි