එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි. හෙතෙම ඒ බව ප්‍රකාශ කළේ ඊයේ(31) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයේ සභාපති Philemon Yang මහතා හමුවෙමිනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු වන විදේශ අමාත්‍ය Wang Yi මහතා එහිදී සඳහන් කළේ රටවල් අතර උපදේශනය සහ සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වඩා වැදගත් වේදිකාවක් වන අතර චීනය සිය සහයෝගීතාව ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.
එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස චීනය සෑමවිටම එහි කාර්යභාරය වෙනුවෙන් සෑමවිටම උපරිම දායකත්වය ලබා දී ඇත.
සමස්ත මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත නිර්මාණය කිරීමේ දැක්ම, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ මෙන්ම ගෝලීය සංවර්ධන, ගෝලීය ආරක්ෂක සහ ගෝලීය ශිෂ්ටාචාර යන මුලපිරුම් ඔස්සේ චීනයේ සහභාගීත්වය වඩා හොඳින් සංකේතවත් කර තිබේ. ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ නිවැරදි මාවතකට යොමු කිරීම උදෙසා එක්සත් ජාතීන් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර එහිදී අදහස් දක්වමින් Philemon Yang මහතා පැවසුවේ නවීකරණයේදී චීනය අඛණ්ඩව ලබා ගත් ජයග්‍රහණ අන් රටවලට ආදර්ශයක් වන බවයි. වත්මන් ජාත්‍යන්තර කටයුතුවලදී චීනය ස්ථායී සහ හිතකර ශක්තියක් එක් කරමින් සිටී. එමෙන්ම චීනය අඛණ්ඩව ලබා දෙන සහයෝගය අගය කරන බවත්, එකම චීනය මූලධර්මයට දැඩිව අනුගත වන බවත් හෙතෙම සඳහන් කළේ ය. එක්සත් ජාතීන්‍ගේ ඉදිරි කටයුතුවලදී මෙන්ම තිරසර සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනය වඩා වැඩි දායකත්වයත් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද Philemon Yang මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ සහ අදාළ කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි