එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇති බව වර්තා වෙයි.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ එම තීරණය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක බවය.
මේ අතර එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් අද (17) පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවය.
අනෙක් රටවල් වන්නේ, තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව වේ.
එම තීරණය අනුව අදාළ රටවලින් සංචාරකයින්/පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අනවශ්‍ය බව ලේකම්වරයා පැවසීය.
එරට රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්රයට සම්බන්ධ ආයතනද සිය ප්‍රසාදය පළ කළ බව විදෙස් මාධ්‍ය පැවසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි