“‘එක් තීරයක් එක් මාවතක්’පොදුවේ ගොඩනැගීම-පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ දැවැන්ත ක්‍රියාවලිය” නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.
අද (10) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය එම ධවල පත්‍රිකාව නිකුත් කළේය. ඒ පිළිබඳ මාධ්‍ය හමුවක් ද පැවැත්විණ.
නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය පාදක කරගත් මෙම ධවල පත්‍රිකාව‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ ඓතිහාසික මූලාරම්භය, සංකල්පීය දැක්ම, ක්‍රියාත්මක කිරීමේ මාවත, ප්‍රායෝගික ජයග්‍රහණ සහ ගෝලීය වැදගත්කම, ක්‍රමානුකූලව විස්තර කරයි.
මෙම ධවල පත්‍රිකාවෙන් පසුගිය වසර 10 තුළ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ ඵලදායි ප්‍රතිඵල පුළුල් ලෙස හඳුන්වා දී ඇති අතර,‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් සෙසු රටවල් සමඟ එක්ව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය හා ක්‍රියාමාර්ග ද පැහැදිලි කෙරේ.
මෙම ධවල පත්‍රිකාව චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු, ජර්මන්, ස්පාඤ්ඤ, අරාබි හා ජපන් යනාදී භාෂා 8 කින් චීන මහජන ප්‍රකාශන ආයතනය සහ චීන විදේශ භාෂා ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර චීනය පුරා Xinhua පොත් අලෙවි සැල් වෙත බෙදා හැරේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි