“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ 3වන නායක සංසදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (11) මේ බව ප්‍රකාශ කළා ය. එම සංසදය එළඹෙන 17 හා 18 යන දෙදින චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබේ. “එක් තීරයක් එක් මාවතක්”ඉහළ මට්ටමින් ගොඩ නගමින් අත්වැල් බැඳගෙන පොදු සංවර්ධනය හා සමෘද්ධිය සාක්ෂාත් කිරීම යන්න එහි ප්‍රධාන තේමාවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංසදයේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිත ය. හෙතෙම සංසදයට එක්වන අමුත්තන් වෙනුවෙන් පිළිගැනීමේ සාදයක් ද පවත්වනු ඇත. මීට සමගාමීව ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් රැසක් ද සිදු කෙරෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්