එක් තීරයක් එක් මාවතක් මාධ්‍ය සහයෝගිතා සංසදය බෙයිජිං හිදී

දීප්තිමත් හවුල් අනාගතයක් සඳහා මාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ තේමාවෙන් 2023 එක් තීරයක් එක් මාවතක් පිළිබඳ මාධ්‍ය සහයෝගිතා සංසදය ඊයේ(19) බෙයිජිං හි දී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු සහ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක අංශයේ ප්‍රධානියා වන Li Shulei මහතා මෙම සංසදයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

මෙම අවස්ථාවට රටවල් සහ කලාප 70 කට අධික සංඛ්‍යාවක මාධ්‍ය සංවිධාන 110 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙන්ම චීන නිලධාරීන්, විද්වතුන් සහ ව්‍යාපාරික නියෝජිතයින් ද එක්ව සිටියහ. පළමු සේද මාවත ගෝලීය පුවත් සම්මාන උළෙලක් සහ එක් තීරයක් එක් මාවතක් ගොඩනැගීම සඳහා කලාපීය සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා ඊට ඇතුළත් විය.

ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වූ තුන්වන එක් තීරයක් එක් මාවතක් සංසදයට සහභාගී වූවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබමින්, උසස් තත්ත්වයේ සහයෝගීතාවයට සහය දැක්වීම සඳහා චීනය ගන්නා ප්‍රධාන පියවර අටක් ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රකාශයට පත් කළ බවත් මෙම ව්‍යාපෘතිය  පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඇති බවත් ඔවුහු පැවසූහ.

සේද මාවතේ ආත්මය ඉදිරියට ගෙන යාමට සියලු රටවල මාධ්‍ය සංවිධාන එක්ව ක්‍රියා කළ යුතු බවත්, පුළුල් උපදේශන, ඒකාබද්ධ දායකත්වය සහ හවුල් ප්‍රතිලාභ යන මූලධර්මය තහවුරු කළ යුතු බවටත් සහභාගි වූ පිරිස එකඟත්වය පළ කළහ. පොදු සංවර්ධනය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීම, කලාපීය සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම සහ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සහ මිනිසුන් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාර්ථකත්වයේ අවශ්‍යතාවයට ඔවුහු එකඟ වූහ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com