“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ 3 වැනි නායක සංසදයේ සමාරම්භක උත්සවය බෙයිජිං අගනුවර දී පැවැත්වෙයි. අද (18) පැවති එම උළෙලට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය.
“එක් තීරයක් එක් මාවතක් ”වැඩපිළිවෙළ තමන් පමණක් නොව අන් අයගේ සෞභාග්‍යවත් සංවර්ධනය ද සහතික කිරීමේ අරමුණින් සියලු පාර්ශ්ව එකමුතුවෙන් හා අන්‍යෝන්‍ය සහයෙන් යුතුව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් බව හෙතෙම එහිදී කියා සිටියේ ය. අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා අන්‍යෝන්‍ය යහපත මත පදනම් ව වැඩපිළිවෙළට එක් වූ සියලු පාර්ශ්වයන්ගේ පොදු සංවර්ධනය හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීම, “එක් තීරයක් එක් මාවතක් ”වැඩපිළිවෙළේ අරමුණ බව ද හෙතෙම සඳහන් කළේ ය. මතවාදී ගැටුම්, භූ දේශපාලනික හරඹ, දේශපාලන කණ්ඩායම්වල ප්රතිවිරෝධතා, ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, ආර්ථික තර්ජන , අන්තර් සම්බන්ධතා විසංයෝජනය, ගෝලීය ආර්ථික පද්ධතියෙන් නෙරපා දැමීම වැනි ක්‍රියාමාර්ග, “එක් තීරයක් එක් මාවතක් ”වැඩපිළිවෙළේ අඩංගු නොවන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.
ගෙවුණු වසර 10 තුළ ආර්ථික කොරිඩෝ පෙරදැරි කරගෙන අන්තර්ජාල මාර්ග හා තොරතුරු අධිවේගී මාර්ග ප්‍රධාන කර ගනිමින් දුම්රිය මාර්ග, මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය, නල මාර්ග යනාදී ව්‍යාපෘති ඔස්සේ ගෝලීය මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් චීනය ස්ථාපිත කර තිබේ. ගොඩබිමෙන්, මුහුදෙන්, අහසෙන් හා අන්තර්ජාලයෙන් සම්බන්ධ වන එම ජාලය, විවිධ රටවල වෙළඳ භාණ්ඩ, අරමුදල්, තාක්ෂණ හා පුද්ගල හුවමාරු ප්‍රවර්ධනය කර ඇතැයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ 3 වැනි නායක සංසදයේ සමාරම්භක උත්සවය බෙයිජිං අගනුවර දී…
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි