‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ පිළිබඳ චීන-අප්‍රිකානු මාධ්‍ය මෙහෙයුම් යෝජනාව ඉදිරිපත් කෙරේ.
චීන මාධ්‍ය සමූහය හා අප්‍රිකානු විවිධ රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන ඒකාබද්ධව එම යෝජනාව ඉදිරිපත් කර ඇත. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ තුන්වැනි නායක සංසදය ආරම්භ වීමට පෙර නිකුත් කරන ලද එම යෝජනාවට අප්‍රිකානු ගුවන් විදුලි සංගමය ඇතුළු අප්‍රිකානු මාධ්‍ය සංවිධාන හා ආයතන 50 ක සහයෝගය හිමි ව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට වීඩියෝ ආකාරයෙන් එක් ව දේශනයක් පැවැත්වීය.


අප්‍රිකානු මාධ්‍ය මිතුරන් සමඟ එක්ව අන්‍යොන්‍ය අධ්‍යයන ඔස්සේ යුක්තිසහගත හා සමතුලිත ඉදිරිදැක්මකින් මෙන්ම සැබෑ සහයෝගී හැඟීම්වලින් යුතුව වර්ණවත් වේදිකා මත චීන-අප්‍රිකා මිත්‍රත්වය හා පොදු ජයග්‍රහණ ඉටුකිරීම පිළිබඳව මනාව ප්‍රචාරය කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානමින් සිටී. එසේම, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සහයෝගිතාවන් හි අගනා ප්‍රතිඵල ජනතාව හමුවේ ඉදිරිපත් කෙරෙන බව ද හෙතෙම පැවසීය.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති