“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ දසවන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. එම වැඩපිළිවෙළ අගය කරමින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් අදහස් දක්වා ඇත.
එම නිර්මාණාත්මක වැඩපිළිවෙළ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජයේ දැක්ම සහ නායකත්වය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා ප්‍රශංසාවට ලක් කරයි. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා එම වැඩපිළිවෙළ ශක්තිමත් සහයෝගයක් ලබා දෙනු ඇතැයි හෙතෙම විශ්වාස පළ කරයි.
“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට සහභාගී වන බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් එය සංවර්ධන අවස්ථාවක් ලෙසට සලකන අතර, ඉන් ඔවුන් වඩා වැඩි සංවර්ධන විකල්පයන් ද අත්කර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා පෙන්වා දෙයි. විවිධ රටවල සංවර්ධනයට චීනයේ සහාය නව කොරොනා වසංගතයෙන් පසු රටවල ආර්ථික ප්‍රකෘතියට වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ද එය දැඩි ලෙස සහාය වනු ඇති බවත් හෙතෙම පවසා තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි