එක් පුද්ගලයකුට ජංගම දුරකථන සඳහා සිම්පත් මිළදීගැනීමට උපරිම සීමාවක් පැනවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එක් පුද්ගලයෙකුට සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි ලෙස ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අනුව විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ සියලුම දුරකථන සේවා සමාගම් සම්බන්ධ කර ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට පත්කිරීමට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නියෝග කර තිබේ.
වෙනත් පුද්ගලයන්ගේ නමින් ජංගම දුරකථන සිම්පත් මිලදීගෙන සිදුකරන සංවිධානාත්මක අපරාධ හා ජාවාරම් මැඬපැවැත්වීමේ ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
මෑතකදී කළ පොලිස් මෙහෙයුමකදී ජංගම දුරකථන සිම්පත් විකිණීම, ලබාගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් දහසකට වඩා තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්