රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක් බව’සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ, අද (23) පැවති මාධ්‍ය හමුවකදීය.
ඊයේ රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසින් ලබා දුන් ජනවරම ගැන ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.
ජනාධිපතිට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, මැතිවරණ වලදී විශාල කැපකිරීමක් සිදුකළ හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙන බව ඔහු මෙහිදී පැහැදිලි කර සිටියේය.
කෙසේවුවද, ජනාධිපතිවරයාට පැවරුන මේ අසීමිත බලය රට එක් කිරීමට යොදාගන්නා ලෙස ඉල්ලා සිටි කරු ජයසුරිය, නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට වෙනුවෙන් ඊට උපරිම ශක්තිය ලබා දෙන බව ද කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්