එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ නව වෙනසක් අද සිදු කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.
පක්ෂ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතායි.
එමෙන්ම මෙතෙක් කලක් පක්ෂයේ මහා ලේකම් ධුරය හෙබවූ අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ නව උපනායකයා ලෙස පත් කර තිබෙනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබෙන බව මාධ්‍යයට අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා කියා සිටියා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි