එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කරන සත්‍යග‍්‍රහය අද පස්වරු 3 ට කොළඹ හයිඞ් පිටියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
රට වැටී තිබෙන ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා සියළු දෙනා එකමුතු වේවා යන ප‍්‍රාර්ථනයෙන් යුතුව සත්‍යග‍්‍රහය පවත්වන බවයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ.
අපහාස හා විවේචන තුළින් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.
මේ අතර සමගි ජන බලවේගයද අද නිහඩ විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
එය පස්වරු 5 යි 30 සිට මොරටුව බොරුපන හන්දියේ සිට මෝදර හන්දිය දක්වා පැවැත්වෙන බවයි එම පක්ෂය සඳහන් කළේ.
මෙහිදී පන්දම් රැගෙන ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට