එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිඛෙනවා. ඒ, සිරිකොත පක්ෂ මුලස්ථානයේදීයි.
මෙහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක , සභාපති , භාණ්ඩාගාරික , ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සදහා රුවන් විජේවර්ධන සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් වීමට නියමිත බව ද පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
මේ අනුව අවශ්‍ය වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට ද පක්ෂ නායකත්වය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ