එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා හිටපු අමාත්‍යවරුන් හතර දෙනෙකුගේ නම් යෝජනා වි තිබෙනවා.
ඒ අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ලබන බදාදා (12) දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදි නම් 4න් අයෙක් නව නායකයා ලෙස පත්කරගැනීම සදහා එකගතාවයකට
පැමිනෙන බවත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළා.
ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි නව නායකත්වය සදහා අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි ඒ මහතා කියා සිටියේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව